Why Most People Choose the Wrong Business?
Imagine buying a pair of shoes without knowing your shoe size.
It might look good.
It might even be expensive.
But if it doesn't fit your feet, you'll never enjoy wearing it.
Choosing a business works the same way.
Every day, thousands of people start businesses because:
They saw someone become successful on YouTube.
Their friend started one.
It's making money.
It's the latest trend.
Six months later...
Many give up.
Not because they're lazy.
Not because the business is bad.
But because the business doesn't fit who they naturally are.
Before choosing a business...
You should first understand yourself
බොහෝ දෙනා කරන්න වැරදි ව්‍යාපාරයක් තෝරාගන්නේ ඇයි?
ඔබේ සපත්තු ප්‍රමාණය නොදැන සපත්තු ජෝඩුවක් මිලදී ගන්නවා කියලා හිතන්න.
ඒක ලස්සනට පේන්න පුළුවන්.
මිල අධික එකක් වෙන්නත් පුළුවන්.
හැබැයි...
ඒක ඔබේ පාදයට ගැළපෙන්නේ නැත්නම්, එය පැළඳගෙන සතුටින් ඉන්න ඔබට කවදාවත් බැහැ.
ව්‍යාපාරයක් තෝරා ගැනීමත් හරියටම ඒ වගේ.
සෑම දවසකම දහස් ගණනක් මිනිසුන් ව්‍යාපාර ආරම්භ කරන්නේ...
YouTube එකේ කෙනෙක් සාර්ථක වුණු නිසා.
යාලුවෙක් ඒ ව්‍යාපාරය කරන නිසා.
ඒකෙන් හොඳ සල්ලි හොයන්න පුළුවන් නිසා.
ඒක මේ දවස්වල ජනප්‍රිය (Trend) එකක් නිසා.
හැබැයි මාස හයකට විතර පස්සේ...
බොහෝ දෙනෙක් ඒ ව්‍යාපාරය අත්හැර දමනවා.
ඔවුන් කම්මැලි නිසා නොවෙයි.
ව්‍යාපාරය නරක නිසාත් නොවෙයි.
ඒ ව්‍යාපාරය ඔවුන්ගේ ස්වභාවයට, පෞරුෂයට සහ වැඩ කරන විදිහට ගැළපෙන්නේ නැති නිසයි.
ඒ නිසා...
ව්‍යාපාරයක් තෝරන්න කලින්, මුලින්ම ඔබ කවුද කියලා තේරුම් ගන්න.
Some people love solving problems.
Some love teaching.
Some love creating.
Some love leading.
Some love building systems.
Some love working with their hands.
None of these personalities are better than the others.
They're simply different.
Trying to force yourself into the wrong type of work is one of the fastest ways to lose motivation.
සමහරු ගැටලු විසඳන්න කැමතියි.
සමහරු ඉගැන්වීමට සහ අන් අයගේ ජීවිත වෙනස් කිරීමට කැමතියි.
සමහරු අලුත් දේවල් නිර්මාණය කිරීමට කැමතියි.
සමහරු නායකත්වය අරගෙන මිනිසුන්ට මඟ පෙන්වීමට කැමතියි.
සමහරු පද්ධති (Systems) සහ ක්‍රමවේද ගොඩනැගීමට කැමතියි.
සමහරු තමන්ගේ දෑතින් යමක් නිර්මාණය කිරීමට හෝ වැඩ කිරීමට කැමතියි.
මේ කිසිම අනන්‍යතාවයක් අනෙකට වඩා හොඳ හෝ නරකයි කියල එකක් නැහැ.
ඒවා එකිනෙකට වෙනස් අනන්‍යතා රටා පමණයි.
එකම දේ, ඔබ ඔබේ අනන්‍යතාවයට, පෞරුෂයට නොගැළපෙන රැකියාවක් හෝ ව්‍යාපාරයක් බලෙන් තෝරාගැනීම නිසා, ඔබේ උනන්දුව සහ උද්යෝගය ඉතාමත්ම ඉක්මනින් නැති වෙනවා.
In the 1950s, psychologist John L. Holland introduced a simple but powerful idea.
People naturally prefer different types of work.
He grouped these preferences into six categories, known as RIASEC.
Most people are a combination of three of these six types.
Those three letters form your Holland Code.
Your code doesn't determine what you can do.
It helps explain what you're most likely to enjoy and sustain over time.
1950 දශකයේදී මනෝවිද්‍යාඥ John L. Holland ඉතා සරල, නමුත් ප්‍රබල අදහසක් ඉදිරිපත් කළා.
ඔහුගේ අදහස වුනේ, මිනිසුන් ස්වභාවිකවම එකිනෙකාට වෙනස් ආකාරයේ වැඩවලට කැමති වන බවයි.
එම ස්වභාවික රුචිකත්වයන් ඔහු ප්‍රධාන කාණ්ඩ හයකට වෙන් කළා. අද ඒවා RIASEC හෝ Holland Code ලෙස හඳුන්වයි.
බොහෝ පුද්ගලයන්ගේ අනන්‍යතාවයන්, පෞරුෂයන් මේ කාණ්ඩ හයෙන් ප්‍රධාන කාණ්ඩ තුනක එකතුවක් ලෙස විස්තර කළ හැකියි.
මෙහි අකුරු තුන එකට එකතු වූ විට, එය ඔබගේ Holland කේතය බවට පත්වෙනවා.
මේ කේතය මඟින් ඔබට කළ හැකි දේ තීරණය කරන්නවා නොවෙයි.
නමුත්, ඒ වෙනුවට, ඔබ ස්වභාවිකවම කැමති, සතුටින් හා උනන්දුවෙන් දිගු කාලයක් තිස්සේ කරගෙන යා හැකි ක්‍රියාවන් මොනවාදැයි තේරුම් ගැනීමට එය ඔබට උපකාරී වනවා.
People who enjoy building, repairing, making, or working with physical objects.
තමන්ගේ දෑතින් වැඩ කිරීමට, යමක් නිර්මාණය කිරීමට, අලුත්වැඩියා කිරීමට හෝ යන්ත්‍ර, උපකරණ සහ භෞතික දේවල් සමඟ වැඩ කිරීමට කැමති පුද්ගලයන්.
Strengths ප්‍රධාන ශක්තීන්
Practical ප්‍රායෝගික
Hands-on අතින් වැඩ කිරීමේ දක්ෂතාව
Reliable විශ්වාසවන්ත බව
Action-oriented ක්‍රියාශීලී බව
Business Ideas ගැළපෙන ව්‍යාපාර
Manufacturing නිෂ්පාදන කර්මාන්ත
Construction ඉදිකිරීම්
Agriculture කෘෂිකර්මාන්තය
Automotive වාහන හා මෝටර් රථ කර්මාන්තය
Trades වෙළඳාම් හා වෘත්තීය සේවා
Production නිෂ්පාදන හා සැකසුම්
People who enjoy learning, researching, solving problems, and understanding how things work.
ඉගෙන ගැනීමට, පර්යේෂණ කිරීමට, ගැටලු විශ්ලේෂණය කර විසඳීමට සහ දේවල් ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට කැමති පුද්ගලයන්.
Strengths ප්‍රධාන ශක්තීන්
Analytical විශ්ලේෂණාත්මක චින්තනය
Curious කුතුහලය සහ නව දේ ඉගෙන ගැනීමේ උනන්දුව
Logical තාර්කානුකූල බව
Strategic උපායමාර්ගික
Business Ideas ගැළපෙන ව්‍යාපාර
AI කෘත්‍රිම බුද්ධිය
Software මෘදුකාංග සංවර්ධනය
Engineering ඉංජිනේරු සේවා
Consulting ව්‍යාපාරික උපදේශන සේවා
Research පර්යේෂණ හා සංවර්ධන
Healthcare සෞඛ්‍ය හා වෛද්‍ය සේවා
People who enjoy creativity, originality, and expressing ideas.~
නිර්මාණශීලිත්වය, සම්භවය සහ අදහස් ප්‍රකාශ කිරීම භුක්ති විඳින පුද්ගලයින්.
Strengths ප්‍රධාන ශක්තීන්
Creative නිර්මාණශීලී
Innovative නව්‍ය
Imaginative පරිකල්පනීය
Business Ideas ව්‍යාපාර අදහස්
Branding වෙළඳ නාමකරණය
Design නිර්මාණය
Photography ඡායාරූපකරණය
Writing ලිවීම
Video Production වීඩියෝ නිෂ්පාදනය
Marketing අලෙවිකරණය
People who enjoy helping, teaching, coaching, and developing others.
අන් අයට උදව් කිරීමට, ඉගැන්වීමට, පුහුණු කිරීමට සහ සංවර්ධනය කිරීමට කැමති අය.
Strengths ප්‍රධාන ශක්තීන්
Empathetic සංවේදී
Supportive සහයෝගී
Inspirational ආනුභාව සම්පන්න
Business Ideas ව්‍යාපාර අදහස්
Coaching පුහුණු කිරීම
Education අධ්‍යාපනය
Consulting උපදේශනය
Therapy චිකිත්සාව
Community Building ප්‍රජා ගොඩනැගීම
People who enjoy influencing, leading, persuading, and building organizations.
සංවිධාන ගොඩනැඟීම, බලපෑම් කිරීම, නායකත්වය දීම, ඒත්තු ගැන්වීම සහ ගොඩනැගීමට කැමති පුද්ගලයන්.
Strengths ප්‍රධාන ශක්තීන්
Leadership නායකත්වය
Sales අලෙවිකරණය
Vision දර්ශනය
Negotiation සාකාච්ජාමය හැකියාවන්
Business Ideas ව්‍යාපාර අදහස්
Entrepreneurship ව්‍යවසායකත්වය
Sales Agencies අලෙවිකරන ආයතන
Franchises ශාඛා ජාල
Investments ආයෝජන
Real Estate දේපල වෙළඳාම
People who enjoy organization, structure, planning, and systems.
සංවිධානය, ව්‍යුහය, සැලසුම් කිරීම සහ පද්ධති භුක්ති විඳින පුද්ගලයින්.
Strengths ප්‍රධාන ශක්තීන්
Organized සංවිධානාත්මක
Detail-Oriented විස්තරාත්මක
Reliable විශ්වාසදායක
Business Ideas ව්‍යාපාර අදහස්
Accounting ගිණුම්කරණය
Operations මෙහෙයුම්
Administration පරිපාලනය
Finance මූල්‍ය
Logistics සැපයුම්
Many people misunderstand the Holland Code.
It doesn't say :
"You can only do these jobs."
Instead, it asks :
What kind of work naturally gives you energy?
You can become successful in almost any field.
But some paths will feel more natural and sustainable than others.
බොහෝ අය Holland කේතය වරදවා වටහා ගන්නවා.
එහි අදහස :
"ඔබට කළ හැක්කේ මෙම රැකියා පමණි". යන්න නොවෙයි.
ඒ වෙනුවට, අයින් අදහස් වන්නේ:
ස්වභාවිකවම ඔබට ශක්තිය ලබා දෙන්නේ කුමන ආකාරයේ වැඩද?
ඔබට ඕනෑම ක්ෂේත්රයක වීමේ හැකියාව තිබෙනවා.
නමුත්, සමහර ක්ෂේත්‍ර ඔබට, අනෙක් ඒවාට වඩා ස්වාභාවික හා තිරසාර විය හැකියි.
At Business Therapy, we believe choosing a business should never be your first step.
Your first step should be understanding yourself.
Because the best business isn't simply the one that makes money.
It's the one that matches:
Your personality
Your strengths
Your values
Your lifestyle
The kind of impact you want to create
Only then should you decide what business to build.
Business Therapy අපි, ව්‍යාපාරයක් තෝරා ගැනීම කිසි විටෙකත් ඔබේ පළමු පියවර නොවිය යුතු බව අපි විශ්වාස කරමු.
ඔබේ පළමු පියවර විය යුත්තේ ඔබ ගැන අවබෝධ කර ගැනීමයි.
මක්නිසාද යත් හොඳම ව්‍යාපාරය යනු මුදල් උපයන ව්‍යාපාරය පමණක් නොවන බැවිනි.
එය, ඔබේ පෞද්ගලික
අනන්‍යතාවයන් සමඟ
ශක්තීන් සමඟ
වටිනාකම් සමඟ
ජීවන රටාව සමඟ
සමාජය තුළ ඇති කරන්න කැමති බලපෑම සමඟ වඩාත්ම ගැලපෙන එක විය යුතුයි.
ඉන් පසුවයි ඔබ ගොඩනඟා ගත යුතු ව්‍යාපාරය තීරණය කළ යුත්තේ.
Instead of taking a generic online quiz, you can use ChatGPT to conduct a conversational personality assessment.
The AI will ask you questions one at a time, identify your Holland Code and other personality traits, and explain:
Your strengths
Your blind spots
Your preferred work style
Business models that suit you
Business models that may not fit you
The roles you should own in a business
The roles you should eventually delegate
Simply copy the prompt below into ChatGPT and answer the questions honestly.
සාමාන්‍ය Online Personality Quiz එකක් පිරවීම වෙනුවට, ChatGPT භාවිතයෙන් ඔබ සමඟ සංවාදයක් හරහා ගැඹුරු පෞරුෂ ඇගයීමක් ( Conversational Personality Assessment ) සිදු කළ හැකියි.
AI ඔබෙන් එක් වරකට එක් ප්‍රශ්නයක් අසමින්, ඔබේ පිළිතුරු විශ්ලේෂණය කර Holland Code එක පමණක් නොව, ඔබේ පෞරුෂය සහ ව්‍යවසායකත්වයට අදාළ තවත් බොහෝ කරුණු පිළිබඳ වාර්තාවක් සකස් කරයි.
ඒ තුළින් ඔබට පහත කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.
ඔබේ ශක්තීන්
ඔබේ දුර්වලතාවයන්
ඔබ වැඩ කරන්න කැමති විදිහ
ඔබට ගැලපෙන ව්‍යාපාර මාදිලිය
ඔබට නොගැලපෙන ව්‍යාපාර මාදිලි
ව්‍යාපාරය තුළ ඔබ කල යුතු, ඔබට හිමි වීමට සුදුසු රැකියා ස්ථානයන්
ව්‍යාපාරය තුළ ඔබ නොකල යුතු රැකියා ස්ථානයන්
මේ හැමදේම බලාගන්න, පහළ ලින්ක් එකෙන් ඔයාගේ ප්‍රොම්ප්ට් එක ගන්න.
The biggest mistake people make is asking:
"What business should I start?"
A better question is:
"Who am I becoming?"
When you understand yourself first, choosing the right business becomes much clearer.
Your business should fit you—not force you to become someone you're not.
මිනිස්සු කරන ලොකුම වැරැද්ද තමයි,
"මම ආරම්භ කළ යුත්තේ කුමන ව්‍යාපාරයක් ද කියල මුලින්ම හිතීමයි.
ඒ වෙනුවට, වඩාත් සුදුසු ප්රශ්නය වෙන්නේ
"මම කවුරුන් ද ? " යන්නයි.
ඔබ මුලින්ම ඔබව තේරුම් ගත් විට, නිවැරදි ව්‍යාපාරය තෝරා ගැනීම වඩාත් පැහැදිලි වෙනවා.
ඔබේ ව්‍යාපාරය ඔබට ගැළපිය යුතුයි. එය ඔබට, ඔබ නොවන කෙනෙකු වීමට ඔබට බල නොකළ යුතුයි.
Want to talk to Coach? Drop a message on WhatsApp !
උපදේශක සමඟ කතා කරන්න කැමතිද? WhatsApp පණිවිඩයක් යොමු කරන්න !